Latestක්‍රීඩා

සුසන්තිකාගේ වාර්ථාව අමාෂා බිද දමයි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති 57 වන යුධ හමුදා මළල ක්‍රීඩා තරගාවලිය අද(26) අවසන් වුනා. දින 5ක් පුරා පැවති මෙම තරගාවලියේදී වසර 27කට පෙර (1994) සුසන්තිකා ජයසිංහ මීටර් 100 ජයග්‍රහණය කරමින් තබනු ලැබූ වාර්ථාව බිද හෙලීමට අමාෂා ද සිල්වා අද සමත් වුනා.

1994 වර්ෂයේදී මීටර් 100 ඉසව්ව තත්පර  11.6 කින් නිමා කරමින් යුධ හමුදා මළල ක්‍රීඩා තරගාවලියක කාන්තා අංශයේ වාර්ථාවක් තැබීමට ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සමත් වුනා . අද අමාෂා ද සිල්වා එම වාරථාව බිද දැමූ අතර ඇය තත්පර 11.67කින් තරගය නිමා කරන්නට සමත් වුනා. මෙම තරගයේ දෙවන ස්ථානය මේධානී ජයමාන්න හිමි කර ගත්තා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *