ගොඩනැගිල්ලක ඉහළ මහලයෙන් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට
කොළඹ කොටුව බාරෝන් ජයතිලක මාවතේ ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මහලයෙන් ඇද වැටීමෙන් නාවික හමුදා සෙබලෙකු මියගොස් ඇත.
අදාළ ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටිය දී අද (27) අලුයම මෙලෙස ගොඩනැගිල්ලෙන් ඇද වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ නාවික හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල කන්දෙකැටිය ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි නාවික හමුදා සෙබලෙකි.
අදාළ ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු නාවික හමුදා ඉංජිනේරු බළකාය මගින් සිදු කරනු ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

