දේශීය

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ 05 දෙනෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය වෑන් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් 05 දෙනෙකු පදවිය ආරියදාසගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව පදවිය ආරියදාසගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ගමන්ගත් වෑන් රථයේ තිබී අමෝනියා නයිට්රේට් කිලෝ 53ක්, සේවා නූල් අඩි 2,192ක්, ජෙලට් නයිට් කූරු 178ක්, ඩෙටනේටර් 320ක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් මැදවච්චිය හා කැකිරාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29 – 46 ත් අතර පසුවන අය බවට අනාවරණ වී ඇත.

 අදාළ සැකකරුවන් අද (27) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *