දේශීය

ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධ වාර්තාව අද ලැබෙනවා – අමාත්‍ය ලසන්ත අලගියවන්න

මෙරට ගෑස් සිලින්ඩරවල ඇති ගෑස් සංයුතිය සහ ගුණාත්මක භාවය පිලිබඳ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා ලසන්ත අලගියවන්න මහතා විසින් සිදු කරන ලදි.

ගෑස් සංයුතිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිත බව ඔහු එහිදී සඳහන් කළේය.

ලාෆ් සහ ලිට්‍රෝ සමාගම් දෙකෙහිම සාම්පල මේ වන විට අදාළ පරීක්ෂණ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පිපිරීමේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් , ඒ පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජ්ත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *