රටවල් 06කට ශ්‍රී ලංකාව තහනම්
අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු රටවල් කිහිපයකට මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.
ඒ අනුව,
- දකුණු අප්‍රිකාව
- බොට්ස්වානා
- ලෙසතෝ
- නැමීබියා
- සිම්බාබ්වේ
- ස්වාසිලන්තය
යන රටවල සිට පැමිණෙන පුද්ගලයින්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ අදාළ රටවල් වලින් අද දිනයේ මෙරටට පැමිණෙන මගීන් දින 14ක් නිරෝධායනයට යොමු වීම අනිවාර්ය බවයි.
අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුම තහනම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

