ප්‍රබල අකුණු සහ තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
හෙට(28) පෙ.ව. 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 පමණ තදවැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

