අධික වේගයෙන් ආ මෝටර් රථයක් මහවැලිට පෙරළෙයි
මහනුවර, ඉලුක්මෝදර ප්‍රදේශයේදී පුද්ගලයින් 03 දෙනෙකු රැගත් මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන්ව තිබේ.
ඊයේ රාත්‍රී මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ගමන් කරමින් තිබූ එම මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව අනතුරකට ලක්ව මහවැලි ගඟට පෙරළී ඇති බව පොලීසිය පැවසුවේය.
මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ගෙන ප්‍රතිකාර සඳහා ඔවුන් මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.
තිදෙනාගෙන් එක් අනෙක් පුද්ගලයා සහ මෝටර් රථය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර අතුරුදන් පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

