ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩිකාවන් 6කට කොවිඩ්
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩිකාවන් 6 දෙනෙකුට සහ නිලධාරිනියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
මේ වන විට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හි රැඳී සිටී.
කාන්තා ක්රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා එම කණ්ඩායම පිටත්ව ගොස් තිබූ අප්රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්රභේදය හේතුවෙන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට මෙරටට ආපසු පැමිණීමට නොහැකී වි ඇත.
කෙසේවෙතත් ක්රිකට් බලධාරීන් පවසන්නේ ඔවුන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

