දේශීය

ඔමික්‍රෝන් ගැන WHO අනතුරු අඟවයි

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි එම සංවිධානය පුරෝකථනය කර තිබේ.

මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන්නැයි එම සංවිධානය ලෝකයේ රටවලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ අතර වැඩිවන සිද්ධි සංඛ්‍යා අපේක්ෂාවෙන් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ද ඉල්ලා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *