ජනපති නැති දවසට ඇමතිවරුත් නෑ, මේක ප්‍රශ්නයක් – කථානායක
අද (30) පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර දීම සඳහා කිසිදු ඇමතිවරයකු නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
ආණ්ඩු පාර්ශ්වය ප‍්‍රශ්නවලට උත්තර දීම සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කථානායකවරයා කියා සිටියේ ය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කරන ලෙස කථානායකවරයා ආණ්ඩු පක්ෂ සංවිධායකගෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපතිවරයා පැමිණෙන දිනට පමණක් අමාත්‍යවරු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් ඵලක් නැති බව පැවසූ කතානායකවරයා, මෙම තත්වය තුළ උත්තරීතර පාර්ලිමේන්තු සභාවේ කටයුතු සාර්කථව පවත්වා ගෙන යාමට හැමදාම ජනාධිපතිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඉල්ලා සිටීමට සිදුවන බව ද පැවසීය.
“මම ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගේ අවධානය යොමු කරවනවා. ඔබ තුමාගේ දෙපැත්තේ ඉදිරිපෙළ ආසනවල ඇමතිවරු කිසිකෙනෙක් මේ අවස්ථාවේ නෑ. ඒක බොහොම කණගාටුදායක තත්ත්වයක්. මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම උත්තර දෙන්න සියලු දෙනාම ඉන්න ඕනේ. සියලු දෙනාම වගකියන්න ඕනේ මේකට. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. “
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

