විදේශීය

බාබෙඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් නිදහස් වේ

බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට යටත්ව තිබූ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබෙඩෝස් දූපත ස්වාධීන රාජ්‍යක් ලෙස ඊයේ  (29) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අවස්ථාවට බ්‍රිතාන්‍යය මහ රැජිනගේ නියෝජිතයෙකු ලෙස ඔටුන්න හිමි චාල්ස් කුමරු පැමිණ තිබුණි.

ඒ අනුව බාබෙඩෝස් දූපත ජනරජයක් බවට පත්ව ඇත.

මෙහිදී බාබෙඩෝස් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙක් ව පත්කර ගැනීමක් සිදු කෙරුණු අතර එරට පළමු ජනාධිපති ලෙස සැන්ද්‍රා මේසන් ව තෝරා පත්කර ගැනුණි.

මේ අවස්ථාවේ එරට අගනගරය වන බ්‍රිජ්ටවුන් හි චැම්බලේන් පාලම මත සිටින දහස් ගණනක ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් නව උපත සැමරීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *