මහින්ද වෙනුවට මංජු පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද (30) දින නිකුත් කෙරෙන බවයි.
2020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා මනාප ඡන්ද 46,361ක් හිමිකර ගත්තේ ය.
බුලත්සිංහල ආසනයේ පොදුජන පෙරමුණේ, ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ඒ මහතා “දයාබර මංජු” යන නාමයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටී.
ඔහු හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආදි ශිෂ්‍යයෙක් බව ද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

