දේශීය

සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අනූව හැවිරිදි වියේ පසු වූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

සිරිසේන කුරේ මහතා 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබු අතර 1989 දී පාර්ලිමේන්තුවට තේරී පත්වෙමින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *