විදේශීය

ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක ජැක් ඩොර්සි එම තනතුරෙන් ඉවතට

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2006 වසරේදී නිර්මාණය කළ ට්විටර් සමාගමේ වසර 16නට ආසන්න කාලයක් ජැක් ඩොර්සි ප්‍රධාන විධායකවරයා ලෙස කටයුතු කර තිබේ.

ජැක් ඩොර්සි තමන් සේවයෙන් ඉවත්ව යන බව ට්විටර් පණිවිඩයක් හරහා සිය සේවකයන්ට දැනුම් දී තිබුණි.

ඔහුගේ අස්වීම හේතුවෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරිවරයා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *