දේශීය

වැලිගම නිවසක ගින්නක් – දැරියක් මරුට

වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රීයේ ඇති වූ ගින්නකින් 07 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසේ කාමරයක් තුළ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් වහලය පිළිස්සී ගොස් නිවස තුළට කඩා වැටීමෙන් කාමරයේ නිදා සිටි එම දැරිය ගින්නට හසුව පිළිස්සී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 10.40ට පමණ ගින්න හට ගෙන තිබුණි.

ඇයගේ මිත්තණිය සහ වයස අවුරුදු 13ක සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය විසින් මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ එම නිවසේ තිබු ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

ඒ අනුව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රිත සිදුවීමක් හේතුවෙන් හට ගෙන නොමැති බවට නිරීක්ෂණය වු බව ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *