විදේශීය

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් – සිසුන් තිදෙනෙකු මරුට

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු මියගොස් තවත් පාසල් සිසුන් කිහිප දෙනෙක් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් සැකකාර සිසුවා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *