ලෝක ඒඩ්ස් දිනය අදයි
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ.
ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් මස පළමුවන දින සමරනු ලබන්නේ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම, කොන් කිරීම හා වෙන් කොට සැලකීම පිටුදැකීම මෙන්ම ආසාදිතයින්ට සහයවීම අරමුණු කරගෙනයි.
1981 වසරේ ලොව පළමු එච්.අයි.වී ආසාදිතයා හඳුනාගත් අතර 1988 වසරේ සිට ඒඩ්ස් දින සැමරුමක් සිදු කරනු ලබන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සියලු රටවල ප්‍රධානත්වයෙනි.
මේ දක්වා ලොව පුරා පුද්ගලයින් මිලියන 79.3ක් මෙම වෛරසයට ගොදුරු වී ඇති අතර මිලියන 36කට අධික සංඛ්‍යාවක් ඒඩ්ස් ආසාදිතව මියගොස් තිබේ.
2020 වසර අවසන් වන විට මිලියන 37කට අධික පිරිසක් එච්.අයි.වී වෛරසය සමග ජීවත් වන බවත් එම වසරේ අලුතින් එච්.අයි.වී ආසාදිතයින් මිලියන 1.5ක් පමණ හඳුනාගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
1987 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා හඳුනාගත් අතර ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව එච්.අයි.වී ව්‍යාප්තිය අඩු රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ග කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ දී නව එච්.අයි.වී ආසාදිතයින් 363ක් මෙරටින් හමු වී ඇති බව වාර්තා වේ.
වර්ෂ 1987 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ වූ අදහසකට අනුව ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහන ජාත්‍යන්තර ඒඩ්ස් දිනයක් ප්‍රකාශයට පත් කළේය.
කෙරෝනා හේතුවෙන් ඒඩ්ස් රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු ගිලිහී යාම නිසා රෝගීන්ගේ අඩු වීමක් වාර්තා වන බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ.