ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස් ක්‍රිකට් තරගයේ තෙවන දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද (01) ආරම්භ විය.
ඊයේ (30) පස්වරුවේ වර්ෂාවෙන් බධා එල්ල වීමෙන් පසු තරගය නතර කරන විට කොදෙව්වන් එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 69ක් රැස් කරගෙන සිටියේය.
මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින කොදෙව් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 145ක් රැස් කරගෙන සිටී.
ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

