දේශීය

සෞඛ්‍යාරක්ෂිතව ශ්‍රී පාද වන්දනාවට බැතිමතුන්ට අවසර

සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මෙවර ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරීම සඳහා නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරී කාර්යාල පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමකදී ය.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ශ්‍රි පාදය කරුණා කිරීමට බැතිමතුන්ට ද අවස්ථාව හිමිවන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් කියා සිටියේ ය.

වසර දෙකක් තිස්සේ මෙරට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්ථාව නොලැබීම හේතුවෙන් මෙවර වන්දනා වාරය පැවැත්විමේදී විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් සෞඛ්‍ය අංශ වලින් ඉල්ලිමක් කරනු ලැබුණි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණීමේදි කොවිඩ් එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම හරහා බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්ථාව හිමිවනු ඇත.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *