අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප් දෙන නියම ආන්ඩුවක් මේක – රෝහිණී කවිරත්න
ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම්ක් සිදුකළ බවට විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද සිදුවූයේ වැටුප් වැඩිකිරීමක් නොව වැටුප් විෂමතාවය ඉවත් කරමින් ගුරු විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් වලින් 1/3ක් පමණක් ලබා දීමට කටයුතු කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය පවසනවා.

පාර්ලිමෙන්තු විවාදයට එක්වෙමින් කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් ඉහල දැමූ බවට පවසන අසත්‍ය ප්‍රකාශය ආන්ඩුව ඉල්ලා අස්කර ගතයුතු බවයි. නැතිනම් ගුරුවරුන් සම්බන්ධයෙන් වෛරයක් සමාජගත වීම වලක්වාලිය නොහැකි බව ඇය වැඩිදුරටත් පැවසුවා.

මුදල් බලය තිබෙන පාර්ලිමේන්තුවට පවා නොදන්වා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට හිගවැටුප් සමග විශ්‍රාම වැටුප් ගෙවිමට සර්වබලධාරී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා කටයුතු කර ඇති බව පැවසූ කවිරත්න මන්ත්‍රීවරිය හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ විශ්‍රාම වැටුප ද ගෙවීමට ආන්ඩුව තීරණය කර ඇති බවත් අනාවරණය කළා.

කවිරත්න මන්ත්‍රිවරියගේ අදහස් දැක්වීම පහත සබැදියෙන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

