ඔමික්‍රෝන් ප්‍රභේදය ඇමරිකාවටත්
දකුණු අප්‍රිකාව තුළ ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඇමරිකාව සිය පළමු ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයා හඳුනාගෙන තිබේ.
කැලිෆෝනියාවේදී හඳුනා ගැනුණු මෙම ආසාදිතයා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
දකුණු අප්‍රිකාවෙන් ඉකුත් සතියේ මුල් වරට හඳුනාගත් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 366ක් වන අතර වෛරසය පැතිරුණු නවතම රට බවට පත්වී තිබෙන්නේ ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් සහිත ඇමරිකාවයි.
ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරය කර පසුගිය නොවැම්බර් 22 වැනි දා යළි ඇමරිකාව වෙත පැමිණ තිබුණි.
කෙසේ වුවද ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ දින 7ක කාලයකට පසුවයි.
ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේය.
බටහිර අප්‍රිකානු රටක් වන ඝානාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද මේ වන විට නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

