ගෑස් ලිපේ තමයි ප්‍රශ්ණෙ තියෙන්නේ – තිස්ස කුට්ටිආරච්චි
ගෑස් පිපිරීම්වලට අදාලා සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් ඵල කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවා.
මම පහුගිය දවස්වල සද්ද නැතුව බලාගෙන හිටියා, වැරදිකතාවක් කියනවා, ගෑස් පිපිරෙනවා. ගෑස්ටැංකි පිපිරෙනවා කියලා. මං අභියෝග කරනවා, පුළුවන්නම් පෙන්නන්නකෝ කොහේද ගෑස් පිපිරිලා තියෙන්නේ? කොහේද ගෑස් ටැංකියක් පිපිරිලා තියෙන්නේ? මේ කිසිම තැනක ගෑස් පිපිරිලා නෑ. ගෑස් ටැංකියක් පිපිරිලා නෑ. පිපිරෙන්නේ ගෑස් ලිප.
දැන් අපි පරීක්ෂණ කරන්න ඕනා ගෑස් සම්බන්ධව වත් ගෑස් සිලින්ඩරය සම්බන්ධව වත් නෙමෙයි. අපි හොයන්න ඕනා ගෑස් ලිප සම්බන්ධව.
ඇයි අපිට හිතන්න බැරි, ගෑස් සිලින්ඩරයේ වත්, ගෑස්වලවත් නෙමෙයි ගෑස් ලිපෙයි ප්‍රශ්ණෙ තියෙන්නේ කියලා.
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ අදහස පහත සබැදියෙන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

