දේශීය

බැසිල් – මෝදි හමුව අද

ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතය.

දිල්ලිහිදී අද (02) දිනයේ එම හමුව සිදුවනු ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් ද එක්වීමට නියමිතව ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (01) දිනයේ ඉන්දීය සංචාරයක් බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

ඉන්දියාවට පැමිණි අමාත්‍යවරයා ඊයේ දිනයේ ඉන්දීය මුදල් සහ වෙළෙඳ කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වී තිබුණි.

එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද එක්ව සිටි බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *