මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්
නීති විරෝධී ක්රම මගින් මෙරටට මුදල් එවන හා බෙදා හරින්නන්ගේ බැංකු ගිණුම් වහාම අත්හිටුවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ විදෙස් ගත ශ්රමිකයන් සෑම විටම තම ඉපයීම් ශ්රී ලංකාවට එවීමේ දී නීතිගත ක්රම පමණක් භාවිත කළ යුතු බවයි.
මේ අතර මේ මාසය තුළ පිටරට සිට එවන සෑම ඩොලරයකමට රුපියල් 10ක අමතර දිරි දීමනාවක් ලබා දීමට මහබැංකුව පියවර ගෙන තිබේ .

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

