දේශීය

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යළි කෝප් කමිටුවට

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ මස 06 වැනි ද‍ා නැවතත් කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබේ. කොප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතව ඇත.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (02) සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වනු ඇත.

එයට අමතරව රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද එහි සභාපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතය.

හෙට (03) දිනයේ බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් රැස්වන අතර ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැ‍ස් වීමට නියමිතය.

දෙසැම්බර් 06 වැනි දා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර දෙසැම්බර් (08) වැනි දා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වනු ඇත.

සීමා සහිත ගල්ඔය වැවිලි සමාගම නැවතත් කැඳවා ඇති කොප් කමිටුව ද එදින රැස්වීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *