දේශීය

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප.ව. 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

එහි දී පවතින ගෑස් අනතුරු පිළිබඳව මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යාම ඇතුළු රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *