අජාස් පටෙල්ගෙන් විශිෂ්ට වාර්තාවක්
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (04) පැවැත් විය.
එහිදී නවසීලන්ත කණ්ඩායමේ දඟපන්දු යවන ක්රීඩක අජාස් පටෙල් ඉන්දීය ඉනිමේ කඩුලු 10ම දවා ගනිමින් සුපිරි වාර්තාවක් තැබීමට සමත් විය.

ලොව එවැනි වාර්තාවක් පිහිට වූ තුන්වැන්නා ඔහු වන අතර ඔහු ලකුණු 119ක් තුළ කඩුලු 10ම දවාගෙන තිබුණි.
මීට පෙර එවැනි වාර්තාවක් තැබූ ක්රීඩකයින් දෙදෙනා වනුයේ එංගලන්ත ක්රීඩක ජිම් ලේකර් සහ ඉන්දියානු ක්රීඩක අනිල් කුම්බ්ලෙ ය.
මෙහි විශේෂත්වය වන්නේ මෙම වාර්තාව තැබූ ක්රීඩකයින් තිදෙනාම දඟපන්දු යවන්නන් වීමයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

