දේශීය

කළු ගඟේ පාලම් පාරුවක් පෙරළෙයි – පුද්ගලයෙකු අතුරුදන්

කළුතර දකුණ ප්‍රදේශයේ දී කළුගඟේ පාලම් පාරුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇත.

කළුගඟේ ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුවී ඇති අතර එම පලම් පාරුවේ යතුරුපැදි තුනක් පාපැදියක් සහ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

අනතුනේ පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන ඇති අතර අතුරුදන් වී ඇති පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (03) රාත්‍රීයේ මෙම පාලම් පාරුව ගඟට පෙරළී ඇති අතර ඒ අවස්ථාවේ එහි සිටි පිරිසෙන් එක් අයෙක් ජීවිතාරක්ෂ කබා පැළඳ නොසිටි බවද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *