Latestදේශීය

අද විදුලිය කපන්නේ නැහැ – CEB

විදුලි ඉල්ලුම අඩු බැවින් අද (05) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

සවස 6.00ත් රාත්‍රි 9.30ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් පැයක උපරිමයකට යටත්ව සිදු කෙරෙන විදුලි කප්පාදුව අද දිනයේ සිදු නොවනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *