සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැ. 07 සිට යළි ඇරඹේ
තාවකාලිකව අත්හිට වූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අනිද්දා (07) සිට යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉකුත් නොවැම්බර් මස 15 වන දා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමුණේ එහි ගබඩා කර තිබූ බොර තෙල් තොග අවසන් වීම හේතුවෙනි.
ඒ අනුව සති 03කට පසු එහි කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව එලෙස වසා දැමුණේ ඉතිහාසයේ පළමු වරටයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

