දේශීය

කෙසෙල්වත්තේ ෆවාස් ඝාතනය කෙරේ

කෙසෙල්වත්ත, පරණ යෝන් විදිය ප්‍රදේශයේ දී කෙසෙල්වත්තේ ෆවාස් නමැත්තා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඊයේ (04) රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි.

කෙසෙල්වත්තේ ෆවාස් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධානාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බව වාර්තා වේ.

සැකකරුවන් සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *