කොන්දේසි 03ක් යටතේ ගෑස් යළි වෙළෙඳපොලට
ප්රධාන කොන්දේසි තුනක් යටතේ අද (05) දිනයේ සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ.
ඒ ගෑස් සමාගම් දෙක ආනයනය කළ ගෑස් නැව්වලින් ලබා ගත් සාම්පල, ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයට යොමු කර ලබා ගත් වාර්තාවලින් අනතුරුවයි.
1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරිම.
2. නව තොග නිකුත් කිරිමට පෙර නිසි ප්රමිතය අනුව ගඳ සුවද හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරිම.
3. නිෂ්පාදන ක්රියාවලියේදී සෑම ගෑස් සිලින්ඩර් 100කින් එකක්ම පරික්ෂා කර Serial Number කර පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම.
යන කොන්දේසි මත පදනම්ව ගෘහස්ත ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.
මෙම කරුණු සපුරා ගැනීම සහ ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ දැනුවත් කිරිම්වලින් පසු එම කමිටුවේ නිරික්ෂණයෙන් ගෑස් වෙළදපොළට නිකුත් කෙරෙනු ඇත.
ඉන් අනතුරුව අදාළ කමිටුව එම සමාගම්වල නිෂ්පාදන ක්රියාවලිය ඕනෑම අවස්ථාවක නිරික්ෂණය කළ හැකි වන පරිදි අදාළ සමාගම් විසින් කටයුතු සිදු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ගෑස් නැව් අධීක්ෂණයට පත් කරන ලද කමිටුවේ ප්රතීතන මණ්ඩලය, ශ්රී ලංකා ප්රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය හා පාරිභෝගික කටයුතු අධිකාරියේ අධික්ෂණය යටතේ අදාළ ගෑස් සාම්පල පරික්ෂනාගාර වෙත යොමු කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

