කෙසෙල්වත්ත ෆවාස් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට
‘කෙසෙල්වත්තේ ෆවාස්’ නමැත්තා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම සැකකරුවන් සතුව තිබී කඩු 4ක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ, පසුගිය 4 වන දා රාත්‍රීයේ ය.
කෙසෙල්වත්තේ ෆවාස් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.
එලෙස ඝාතනයට ලක්ව ඇති මොහොමඩ් කාමිල් මොහොමඩ් හෙවත් ෆවාස් (33) මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින මත ගැටුමක් ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය ඊයේ (05) වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

