විදේශීය

අවුන් සාන් සුකීට වසර 4ක සිරදඬුවමක්

බලයෙන් පහ කෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට සිරදඬුවම් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝග කර තිබේ.

ඇයට එරෙහිව නඩු කිහිපයක් විභාග වන අතර පළමු නඩුවේ තීන්දුව ලෙස වසර 4ක සිර දඬුවමක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවයි. 

ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණි.

අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබු අතර ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළාය.

76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකීව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේ දී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *