Latestදේශීය

සජබ මන්ත්‍රීවරු විරෝධතාවක

අද (06) උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන්, කථානායකවරයාගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තමන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පවසා තිබේ.

පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේ දී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමකින් තොරව පසුගිය දා පාර්ලිමේන්තුවේ දි ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ බවයි.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, විපක්ෂයේ  සහ ආණ්ඩුපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත එම කමිටුව මෙම සතිය තුළ දී පත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *