ක්‍රීඩා

කොළඹට ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරග‍යෙන් ජය ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර එහිදි නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 116ක් රැස් කරන ලදි.

පන්දුවට පහරදීමේදී Ben Dunk ලකුණු 38ක් හා ඉසුරු උදාන ලකුණු 25ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර හා අකිල ධනංජය කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 17යි පන්දු 3කදී සිය ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේය.

එහිදී පළමු කඩුලු 3 ලකුණු 25කට බිඳ වැටුණු අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 26ක් හා ධනංජය ද සිල්වා ලකුණු 24ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහනය වෙත තම කණ්ඩායම රැගෙන යන ලදි.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය ගෙන ධනංජය ද සිල්වා කටයුතු කළේය.

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග දෙකක් අද (07) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත වේ.

ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අද සවස 3.00ටත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිත වේ.



Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *