මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ මහතා අද (07) දින පත්කර තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇත.
ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මෙම ධූරයේ රාජකාරි භාර ගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බල සේනාවේ සේනා විධායක ධූරය දැරුවේ ය.
58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා එම ධූරයට පත් කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

