ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්
පකිස්තානයේ සියල්කොට් හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (06) පස්වරුවේ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් දිවයිනට රැගෙන ආවේ ය.
ඒ මහතාගේ දේහයේ කොටස් අද (07) අලුයම ගනේමුල්ලේ පිහිටි නිවසට රැගෙන ආවේ මීගමුව මහ රෝහලේ දී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ය.

පකිස්තානයේ සියල්කොට්හි වසිරාබාද් මාර්ගයේ දී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වූයේ පසුගිය සිකුරාදායි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්තානයට ගොස් තිබුණේ, මීට වසර 11කට පෙරදී ය.
ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (08) ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේ තැන්පත් කරන බව පවුලේ ඥාතීහු පැවසූහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

