පැයේ විදුලි කප්පාදුව අදත්
අද (07) සහ හෙට (08) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ඒ අනුව අද සවස 6.00 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් තුළ විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව ඒ මහතා සඳහන් කළේය.
එම විදුලි කප්පාදුව සිදු කරන ප්‍රදේශ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් අවශ්‍යතාවය අනුව එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදු විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.
දිවයින පුරා ඉකුත් 03වන දා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.
එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

