රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
රාජා කොල්ලුරේ මහතා මිය යන විට 83 වන වියෙහි පසු විය.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

