දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ යළි අරඹයි

තාවකාලිකව වසා දමා තිබූ ලංකා ඛනිජ තෙල් සංස්ථා තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කිරීම අද ( 07) සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේදී සිදු වේ.

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වමින් වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද පෙරවරු 10.00ට සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේදී නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි .

දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනි දා තාවකාලිකව වසා දැමූ අතර එම පොරොන්දුව ඉටු කරමින් එය වසා දැමීමෙන් 22 වැනි දිනයේ නැවත බොරතෙල් පිරිපහදු කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *