ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධානතම සැකකරු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පන්ජාබ් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉමිටියස් හෙවත් බිල්ලි නමැති සැකකරු ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රාවල්පින්ඩි බලා යන බස් රථයක දී අත්අඩංගුවට ගත් සැකකරු හඳුනා ගෙන ඇත්තේ, ප්‍රියන්ත කුමාර මහතාට වධ හිංසා පැමිණ වූ පුද්ගලයා ලෙසයි.
පන්ජාබ් පොලීසිය සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සැලසුම් කළ පුද්ගලයා ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
පකිස්තානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටිය දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (08) ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

