විදේශීය

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ගමන් කළ හෙලිකොප්ටරය අනතුරට ලක් වේ

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ගමන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

අනතුරට පත් යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරෙන් දිවි බේරා ගෙන ඇති බවත් ඔවුන් දකවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *