ජැෆ්නා කිංග්ස් පළමු ජය වාර්තා කරයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (07) පැවති තරගයෙන් කඩුලු 8කින් ජය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණි.
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු වන අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 23කි.
පන්දු යැවීමෙන් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් දවා ගත්තේය.
ලකුණු 111ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 12යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් රැස් කරමින් සිය ජයග්‍රහණය හඹා ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

