අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 20ක කාලයක් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අනුරාධපුර පළමු පියවර, අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන යාපනය හන්දිය, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව හා ගල්කුලම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මීට අමතරව මිහින්තලයේ ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට ද හෙට මද්යම රාත්‍රී 12.00 සිට අනිද්දා (11) රාත්‍රී 8.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

