දේශීය

පළාත් පාලන ඡන්දයට සූදානමින් සිටින බව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත බැවින්, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස් වූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජිකයන්, ඒ සම්බන්ධයෙන් විමසූ  අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර, ඊට සුදානම් වීම අත්‍යවශ්‍ය බවත් ඒ අනුව, වෙනසක් නොමැතිව, පවතින නීතිමය තත්ත්වය යටතේ ම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම්, 2022 ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම කාරක සභාව යළිත් දෙසැම්බර් 20 වන දා රැස්වීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *