දේශීය

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයෝ වර්ජනයක

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් මධ්‍යම පළාතේ සියලු රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඇතුළු හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (09) දිනය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගිනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ඊයේ (08) වයඹ පළාතෙන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මීට සමගාමීව මහනුවර ජාතික රෝහල ඉදිරිපිට දහවල් විරෝධතාවක් ද පැවැත්වීමට නියමිත බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *