විදේශීය

මෙක්සිකෝවේ දරුණු රිය අනතුරකින් 53ක් මරුට

මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 53දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

දකුණු අමෙරිකානු සංක්‍රමණිකයින් 100කට ආසන්න පිරිසක් අනතරට ලක් වූ කන්ටේනරයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *