තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
පාර්ලිමේන්තුව අද(10) පෙරවරු 09.30ට රැස්වේ.
2022 විසර්ජන කෙටුම්පත සඳහා අද ප.ව. 5.00ට තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නොවැම්බර් මස (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි.
මෙම පනත් කෙටුම්පත ඔක්තොම්බර් මස 07 වැනිදා පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කෙරිණි.
නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වින. නොවැම්බර් 22 වැනි සදුදා ප.ව. 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්විය.
නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වූ අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්විය. දෙසැම්බර් 10 වන දින (අද ) ප.ව. 5.00ට තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

