30 ට වැඩි පුද්ගලයින්ට අද සිට බූස්ටර් එන්නත
වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුරවැසියන් සඳහා කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම බස්නාහිර පළාතෙන් අද (10) සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව කොවිඩ් මර්දන දෙවන එන්නත ලබාගෙන මාස තුනක් ගත වී ඇති වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා අද සිට බූස්ටර් එන්නත ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේය.
එසේම වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබාදීමෙන් පසු වයස අවරුදු 20 ත් 30 ත් අතර වයස් සීමාවේ පසුවන පිරිසට බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

